Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියාවේ ප්‍රහාරයට පකිස්තානයත් ගෑවෙයි




රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS සංවිධානයේ කොරසාන් නමැති කණ්ඩායම විසින් භාර ගනු ලැබුවා.

කොරසාන් යනු අයි එස් සංවිධානයේ පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක කණ්ඩායමයි.

එම ප්‍රහාරය එල්ල වූයේ රුසියාව අන්තවාදීන්ගේ ඉලක්කයක් විය හැකි බවට අමෙරිකාව ප්‍රසිද්ධියේ අනතුරු අගවා දින 08 කට පසුවයි.

පකිස්ථානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානයේ ක්‍රියාත්මක ආගමික අන්තවාදීන් කණ්ඩායමක් එම ප්‍රහාරය සම්බන්ධ විය හැකි බවටයි අමෙරිකාව අනතුරු අගවා තිබුණේ.

කෙසේවෙතත් එම අනතුරු ඇගවීම් රුසියාව විසින් නොපිළිගත් බවට තවමත් චෝදනා එල්ල වනවා.

ඒ අතරතුර පකිස්තානයට ද චෝදනවක් එල්ල වනවා.

ඒ IS කොරසාන් ඇතුළුව තවත් ත්‍රස්ත සංවිධාන ගණනාවක් රට තුළ නිර්මාණය කිරීම පිළිබඳවයි.

එමෙන්ම ඔවුන්ව පෝෂණය කිරීම සඳහා පකිස්ථානය සහ එහි ඔත්තු සේවා ආයතන විසින් ඉටු කරන ලද සැකසහිත භූමිකාව පිළිබඳව ද ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහට ලක්වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පකිස්තානය තුළ එම සංවිධාන සඳහා දේශපාලන සහ මූල්‍යමය සහය ලැබුණු බවටත්, අනතුරුව පකිස්තානය දේශපාලන වශයෙන් අස්ථාවර වීම හමුවේ එම ත්‍රස්ත කණ්ඩායම් බලයෙන් ශක්තිමත් වූ බවටත් ජාත්‍යන්තර විචාරකයන් චෝදනා එල්ල කරනවා.

පකිස්තානය විසින් පෝෂණ කළ එම ත්‍රස්ත කණ්ඩායම් මේ වනවිට ලෝකයටම තර්ජනයක් වී ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.