Tuesday, April 30, 2024

General line - 0115112241

තායිවාන භූ කම්පනයෙන් 800කට තුවාල - 127ක් සුන්බුන් යට




තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය ආශ්‍රිතව අද හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 800කට අධිකයි.

සුන්බුන් අතර සිරවී ඇතැයි සැළකෙන සංඛ්‍යාව 127ක්.

භූ කම්පනය හේතුවෙන් උමං මාර්ග කඩා වැටී ඇති අතර ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබෙනවා.

උමං මාර්ගවල සිරවී සිටි පුද්ගලයින් 77 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය ආශ්‍රිතව අද හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7යි දශම 4ක්.

එහි ප්‍රබලත්වයත් සමග තායිවානයට, ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.

එරට බලධාරීන් පවසන්නේ වසර 25කට පසු තායිවානයේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි.