Tuesday, April 30, 2024

General line - 0115112241

අර්බුද මැද දකුණු කොරියාවත් අලුත් පාර්ලිමේන්තුවක් සොයයි




දකුණු කොරියානුවන් නව පාර්ලිමේන්තුවක් සඳහා මේ වන විට ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා.

ඒ, ආහාර මිල ඉහළ යාම, වේගයෙන් වයස්ගත වන ජනගහනය සහ අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ඇතුළු ගැටලු ගණනාවක් මධ්‍යයේයි.

කෙසේවෙතත් මෙවර මහමැතිවරණය ජනාධිපති යූන් සුක් යෝල්ගේ පරිපාලනය පිළිබඳ මධ්‍ය කාලීන ජනමත විචාරණයක් ලෙසයි සැළකෙන්නේ. 

ජනාධිපති යූන් සුක් යෝල්ගේ කාලය වසර තුනක් ඉතිරිව ඇති නමුත් ඔහුගේ මහජන බලය පක්ෂයට විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් එල්ල කර ඇත්තේ ප්‍රබල අභියෝගයක්.

එබැවින් මහමැතිවරණයේ පැහැදිලි ජන වරමක් ලබා ගැනිමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ආසන 300කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 254කින් සමන්විත ජාතික සභාව සඳහා ඡන්දදායකයින් තම නියෝජිතයින් තෝරා ගැනීමට නියමිතයි.

ඉන්පසු ඉතිරි සමානුපාතික නියෝජන ආසන 46හි කොටස පක්ෂ සාමාජිකයින්ට වෙන් කරනු ඇති.