Monday, April 29, 2024

General line - 0115112241

 ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් නායකයාට දරුවන් 07ක් අහිමි වෙයි




ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේගේ පවුලේ දරුවන් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරට ඔහුගේ පුතුන් තිදෙනෙකු සහ මුණුබුරන් හතර දෙනෙකු ද අයත්.

හමාස් සංවිධානයට සම්බන්ධ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ හමාස් නායකයාගේ පුතුන් ගමන් ගත් මෝටර් රථයට ගාසා නගරය ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දරුවන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ පවුලේ රාමසාන් සැමරුම සඳහා යමින් සිටියදී බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඔවුන් හමාස් සංවිධානයට සම්බන්ධ බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ. මීට පෙරද හමාස් නායකයාගේ පුතුන් තිදෙනෙකු ඉකුත් පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක් වූ අතර ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඔහුගේ සහෝදරයෙකු හා ඥාතීන් දෙදෙනෙකුද ඝාතනයට ලක් වුණා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල් හමාස් යුද්ධය සඳහා සටන් විරාම ගිවිසුමකට එළැඹීම ඉලක්ක කරගනිමින් තීරණාත්මක සාකච්ඡා වටයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීයි.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඊශ්‍රායලයේ සිරගතව සිටින පලස්තීනුවන් 900ක් වෙනුවෙන් ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු නිදහස් කිරීම සඳහායි.