Monday, April 29, 2024

General line - 0115112241

සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට නෙට් බෝල් තහනම්




ලෝක නෙට්බෝල් සංගමය විසින් සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් පිළිබඳ දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික මට්ටමේ නෙට්බෝල් ක්‍රීඩාව තහනම් කරමින්.

ඒ අනුව නව මාර්ගෝපදේශයන්ට අනුව අන්තර්ජාතික මට්ටමේ කාන්තා නෙට්බෝල් ක්‍රීඩාව විවෘත වන්නේ උපතේදී ගැහැණු දරුවන් ලෙස වාර්තා වූ අයට පමණක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලෝක නෙට්බෝල් සංගමය පවසා ඇත්තේ දිගු උපදේශන ක්‍රියාවලියකින් පසුව මෙම තීරණය ගත් බවයි.

නව තීරණයද ඇතුළත් කරමින් නෙට් බෝල් ක්‍රීඩාව සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.