Tuesday, April 30, 2024

General line - 0115112241

දකුණු කොරියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දරුණු පරාජයක්




දකුණු කොරියාවේ පැවති මහමැතිවරණයේ එරට පාලක පක්ෂයට දරුණු පරාජයක් අත්ව තිබෙනවා. ඒ, එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමත් සමගයි.

ඩිමොක්‍රටික් පක්ෂය ඇතුළු විපක්ෂය විසින් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ ආසන 300කින් 192ක් දිනා ගෙන තිබෙනවා. 

මෙම මැතිවරණය පැවැත්වුණේ වත්මන් ජනාධිපති යූන් සුක් යොල් හට වසර තුනක් බලයේ රැඳී සිටීමට අවස්ථාව පවතිද්දී වීම විශේෂත්වයක්.

මෙය ඔහුගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය මැන බැලෙන ජනමත විචාරණයක් ලෙසයි සැලකුණේ.

මැතිවරණ ප්‍රතිඵල සමග ජනාධිපතිවරයාගේ පක්ෂ නායකයා මේ වන විටත් ඉල්ලා අස්වී ඇති අතර අග්‍රාමාත්‍යවරයාද ඉල්ලා අස්වීමට නියමිතයි.

ආහාර මිල ඉහළ යාම, සීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය සහ දැනට ක්‍රියාත්මක වෛද්‍ය වැඩවර්ජනය ඇතුළු ගැටලු ගණනාවක් පාලක පක්ෂයේ මැතිවරණ පරාජයට හේතු වන්නට ඇති බවට පැවසෙනවා.

එමෙන්ම ආසන්න සති කිහිපයේ ජනතාව මත පැටවුණු උද්ධමනයේ බලපෑම අවම කිරීමට පියවර නොගැනීම හේතුවෙන්ද දකුණු කොරියානු ජනාධිපතිවරයා අපකීර්තියට පත්ව තිබුණා.