Monday, April 29, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දකුණු අප්‍රිකාව හමුවේ කඩුළු 07ක පරාජයක්




සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 49යි පන්දු 05කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 229ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු 69කදී ලකුණු 51ක් රැස්කළා.

එමෙන්ම කවීෂා දිල්හාරි පන්දු 41ක් තුළදී ලකුණු 42ක් රැස්කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 36ක් රැස්කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අචිනි කුලසූරිය සහ ඕෂදී රණසිංහ කඩුළු 01 බැගින් බිඳහෙලුවා.

ජයග්‍රාහී ලකුණු 230ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුර වාර 47යි පන්දු 04ක් තුළදී කඩුළු 03ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තා.