Monday, April 29, 2024

General line - 0115112241

මතීෂ පතිරණ පන්දුවෙන් වැඩ පෙන්වූ චෙන්නායි කණ්ඩායමට අයි පී එල් ජයක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවැති තරඟය ලකුණු 20කින් ජයගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 206ක් රැස්කළා.

නායක රුටුරාජ් ගයික්වාඩ් පන්දු 40ක දී රැස්කළ ලකුණු සංඛාව 69ක්.

ඔහුගේ ඉණිමට හතරේ පහර 05ක් සහ හයේ පහර 05ක් ඇතුළත් වුණා.

ජයග්‍රාහී ලකුණු 207ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණූ 186ක් පමණයි.

රෝහිත් ශර්මා නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 105ක්.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ නියමිත පන්දුවාර 04 අවසානයේ  ලකුණු 28ක් පමණක් ලබාදෙමින් ප්‍රතිවාදී කඩුළු 04ක් බිඳහෙළීමට සමත් වුණා.