Tuesday, April 30, 2024

General line - 0115112241

වාහන ආනයනයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ද ?




වාහන ආනයනය කිරීමට තරම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් සාධනීය තත්ත්වයක නොමැති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මෙරට ආර්ථිකය යම් මට්ටමක පවතින්නේ සංචාරකයන්ගේ පැමිණීම හා විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් හේතුවෙන් බවයි.  


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ.


ඉදිරියේදී ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත්දා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මඟින්  මේ වනවිටත් අවශ්‍ය සොයාබැලීම් සිදුකරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.