Tuesday, April 30, 2024

General line - 0115112241

හක්මන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට




හක්මන, කහටගහකොරටුව ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ 21 හැවිරිදි තරුණයකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 46 හැවිරිදි හක්මන, කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු ඥාතීත්වය අනුව මියගිය තරුණයාගේ බාප්පා වන බවද පොලිසිය පැවසුවා.

එම ඝාතන සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පාලාගොස් හක්මන, ගල්කන්ද ප්‍රදේශයේ සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.