Tuesday, April 30, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගවල ආදායම් වාර්තා අලුත් වෙයි




අලුත් අවුරුදු සමයේ මෙරට අධිවේගී මාර්ගවලින් ඉපයූ ආදායම් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 10වන දා සිට අප්‍රේල් මස 15වන දා දක්වා දින පහක කාලය තුළ මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් විසිතුන් කෝටි පනස්හතර ලක්ෂ තිස්දෙදහස් අටසිය පනහක ආදායමක් උපයා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

පසුගිය වසරේ එම කාලසීමාව තුළ උපයා තිබූ ආදායම රුපියල් පහළොස් කෝටි අනූ ලක්ෂ අසූපන්දහස් පන්සීයක්.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් 10වන දා සිට අප්‍රේල් 15වන දා දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල ධාවනය වූ වාහනවලින් අයකරගත් ගාස්තුවල වැඩිවීම රුපියල්  හත් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හත්දහස් තුන්සිය පනහක් වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

අප්‍රේල් මස 10වන දා සිට 15වන දා දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති වාහන සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය නවයක්.

එම දින පහ අතරින් වැඩිම වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 10වන දායි.

එදින අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති වාහන සංඛ්‍යාව එක් ලක්ෂ තිස් නවදහස් අටසිය පනස් දෙකක් වන බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.