Tuesday, April 30, 2024

General line - 0115112241

ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙක් STF අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන  ගෝලයා වන  දික්පිටිගොඩ ලහිරුගේ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම කැන්දලියද්ද පාළුව, ගල්වල වත්ත, ප්‍රදේශයේ සිදුකල වැටලීමකදියි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526 ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම, ගල්වල වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණවී ඇත්තේ මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ගනේමුල්ලේ සංජීව” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන “දික්පිටිගොඩ ලහිරු” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා ලෙස එම සැකකරු කටයුතු කර ඇති බවයි.