Monday, April 29, 2024

General line - 0115112241

IPL කොල්කටා රාජස්ථාන් ගැටුම අද




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

මේ දක්වා පැවති තරඟවලට අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ, තරඟ 06කට ක්‍රීඩා කර ඉන් තරඟ 05ක් ජය ගනිමින්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයයි.

තරඟ 05කට ක්‍රීඩා කර ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන් තරඟ 04ක් ජය ගෙන තිබෙනවා.