Tuesday, April 30, 2024

General line - 0115112241

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට



මඩාටුගම, නිදිගම ඔය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි එම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 62 හැවිරිදි මඩාටුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් මඩාටුගම පොලීසිය විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.