Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකේය බිහිරි කලාකරුවන්ගේ ඡායාරූප සහ කලා නිර්මාණ ප්‍රදර්ශනයක්



ශ්‍රී ලාංකේය උරුමයේ කලාකරුවන් වන චේතනා සේනාධිර  සහ තුෂාර විජේතිලකගේ ඡායාරූප සහ කලා නිර්මාණ ප්‍රදර්ශනයක්  වොෂින්ටන් ගාන්ධි සෙන්ටර් හිදී ආරම්භ කර තිබුනා.

මෙම ප්‍රදර්ශනය ‘Sri Lanka Through Lens and Brush’ ලෙස නම් කර තිබු අතර මේරිලන්ඩ්හි බෙතෙස්ඩාහි පිහිටි මහත්මා ගාන්ධි අනුස්මරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුනේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහභාගී වී තිබු අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සහභාගී වී තිබෙනවා. 

ඔවුන් මින් ලැබෙන ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ බිහිරි ප්‍රජාව සමඟ බෙදා ගැනීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. 

එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසා සිටියේ චේතනා සේනාධිර  සහ තුෂාර විජේතිලක ශ්‍රී ලංකාවේ සැබෑ තානාපතිවරුන් ලෙස හැඳින්විය හැකි බවයි. 

බොහෝ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වසර ගණනාවක් පුරා විවිධ ක්‍ෂේත්‍ර සඳහා එක්සත් ජනපදයට බොහෝ දායකත්වයක් ලබා දී ඇති බවද තානාපති සමරසිංහ  පැවසීය.

සිදුවෙමින් පවතින සමාජ හා සංස්කෘතික හුවමාරුව ප්‍රයෝජනවත් ලෙස අගය කළ ඔහු එය ජාතීන් අතර ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇති බවයි වැඩිදුරටත් පවසා සිටියේ.