Monday, April 29, 2024

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 500ක් පොලිස් අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 500 දෙනෙකු සහ සැකකාරියන් 05 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ දිනය තුළ දිවයින පුරා වැටලීම් 508ක් සිදු කර ඇති බවයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 25 දෙනෙකු සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.