Tuesday, April 30, 2024

General line - 0115112241

දුම්රිය ගමන් පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි




අද පස්වරුවේ සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ පැවසුවේ රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ අඩුවක් පැවතීම හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කළ බවයි.

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ නගරය හා තදාසන්න නගරවලට පැමිණීමට මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවූ බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ හැටන් සහ බදුල්ල නගරවල අද දිනයේ මගීන්ගේ තදබදයක් පැවති බවයි.