Tuesday, April 30, 2024

General line - 0115112241

රෝහණ බැද්දගේගේ අවුරුදු ගීතයක් විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට.




ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බලකාය සමග ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් වන “සූරිය මංගල්‍යය” ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයා වෙත ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මගින් සිදු කළ විමර්ශනයකට අදාළව වාරියපොළ පොලිස් ස්ථානය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.

අදාළ සැකකරු අද දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මගින් ක්‍රියාත්මකයි.