Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ගෙවන්න ඩොලර් බිලියන 42ක විදෙස් ණයක් - ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්




අමෙරිකානු ඩොලර් බිලියන 42ක විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට සිදුව ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල්වලින් ඒ සඳහා හොඳ සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.


කෙසේවෙතත් දැන් වාර්තා වන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් ISB ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බවයි.

පසුගිය සති තුන පුරා මෙම සාකච්ඡා පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම අතරයි.

ඊට බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 09 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහභාගී වී තිබුණා.

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන බැඳුම්කරවලින් සියයට 50කට වඩා මෙම කණ්ඩායමට අයත් වනවා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බවයි.

දෙපාර්ශවයටම යළි එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.