Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගාවලියක් ප්‍රතික්ෂේප කරයි




සිය රටේදී තරග සංචාරයකට එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී ඇති ආරාධනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වුණා.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලාහෝර් නුවරදී පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග දෙකකට එක්වන ලෙසයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාවට ආරාධනා කර තිබුණේ.

ලාහෝර් නුවර ඉකුත්දා සිදුවූ බෝම්බ පිපිරීමත් සමග ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එම ආරාධනය ප‍්‍රතික්‍ෂේප කළ බවයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසන්නේ.

මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ලාහෝර්හි ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් අර්බුදයක් හටගෙන තිබෙනවා.

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිල රැස්වීමකදී පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා එරට තරග සංචාරයකට එක්වන ලෙසයි ශී‍්‍ර ලංකාවට ආරාධනා කර තිබුණේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව විස්සයි විස්ස තරග දෙකක් ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම්කර තිබුණා.

පාකිස්තානු කි‍්‍රකට් සභාපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම තරග දෙක ශී‍්‍ර ලංකාව ප‍්‍රතික්‍ෂේප කිරීම පිළිබදව තමන් පුදුම වූ බවයි. ත‍්‍රස්ත ප‍්‍රහාර ලෝකයේ සෑම ස්ථානයකම පාහේ සිදුවනවා. එහෙත් ඉන් කී‍්‍රඩා තරගවලට කිසිදු බලපෑමක් නොමැති බවත්, තනි කැමැත්තට සිය ආරාධනය ප‍්‍රතික්‍ෂේප කිරීම අසාධාරණ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා. 

2009 වසරේ ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කී‍්‍රඩකයින් 7 දෙනෙකු තුවාල ලැබුවා. පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ තවමත් ගැටලූ ඇති බැවින් එහි තරග සංචාරයක නිරත වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.