Tuesday, April 30, 2024

General line - 0115112241

එංගලන්තයට ලකුණු 239 ක ජයක්




සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදි කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ඊයේ (31) සමත් වුණා. 

ලන්ඩන්හි පැවති එම තරගය ලකුණු 239 ක ජයක් වාර්තා කළේද එංගලන්ත කණ්ඩායමයි. 

එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 353 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 175 ක් පමණයි. 

එංගලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 313 ක් රැස් කළා. 

ඒ අනුව දකුණු අප්‍රිකාවට හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 491 ක්.

එහෙත් ඔවුන්ට දෙවන ඉනිමේදි සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 252 ක් පමණයි.