Tuesday, April 30, 2024

General line - 0115112241

සුරංග ලක්මාල්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි ?




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සුරංග ලක්මාල්ට අහිමි වනු ඇතැයි වාර්තා වනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්. කි‍්‍රක්බස් වෙබ් අඩවිය මේ පිළිබඳ වාර්තා කර ඇති අතර ඒ වෙනුවට ලහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. 

නෙත් නිවුස් මේ පිළිබඳව කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහගෙන් විමසිමක් කළා. 

ඔහු කියාසිටියේ සුරංග ලක්මාල් මේ වනවිට පුහුණුවීම් සිදුකරන බවයි. 

ලක්මාල්ගේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බවද ඔහු එහිදී කියාසිටියා. 

ඉන්දු - ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.