Tuesday, April 30, 2024

General line - 0115112241

2011 අවසන් තරගය ගැන අර්ජුනගේ ප‍්‍රකාශයට මුරලිගෙන් පිළිතුරු




2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ශ‍්‍රී ලංකාවට අත්වූ පරාජය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත්දා කළ ප‍්‍රකාශයට මුත්තයියා මුරලිදැරන් ද ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. 

ද  ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් මුරලිදරන් පවසා ඇත්තේ තමන්ද එම ප‍්‍රකාශය සමග එකග  නොවන බවයි. 

අර්ජුන රණතුංගගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් තරග පාවාදීම් සහ සමස්ත ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයටම හානියක් සිදු වී ඇති බවයි මුරදිරන් පෙන්වා දෙන්නේ. 

මෙම සම්මුඛ සාකච්ජාවේදී ශ‍්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද එක්දින තරගාවලි පරාජය පිළිබඳවද මුරලිදරන් අදහස් දක්වා තිබෙනවා. 

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ දුර්වල ක‍්‍රීඩා විලාශය මෙම තරගාවලි පරාජයට හේතු වූ බවයි ඔහු කියා සිටියේ. 

වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන නවක ක‍්‍රීඩකයන්ගෙන් අපේක්ෂිත දක්ෂතා ඉස්මතු නොවන බවද මුරලිදරන් සඳහන් කර තිබෙනවා.