Nishan Neth News

නවදම්කුලමේ මනුෂ්‍ය ඝාතනයක්

මුන්දලම, නවදම්කුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඝාතනයට ලක්ව ඇත්තේ බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු හා සැකකරු පොල් වත්තක රැකියාව සිදුකරන අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලබා ඇති සැකකරු පොලිස් ආරක්‍ෂාව යටතේ මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අගුරුවැල්ලේ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකුට තුවාල

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ සිට ගමන් ගත් බස් රථයක් තවත් බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

නීතිරිති – අණ පනත් වෙනස් විය යුතු බව නාමල් කියයි

වත්මන් ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රාජ්‍ය පාලනය ගෙන යන බවත්, එහි සෘජු බලපෑම අධිකරණ පද්ධතිය වෙත ද එල්ල වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. ගොවීන්, ධීවරයින් මෙන්ම තරුණයින්ගේ රැකියා ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම ආණ්ඩුව විසින් පැහැර හැර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. එමෙන්ම, … නීතිරිති – අණ පනත් වෙනස් විය යුතු බව නාමල් කියයි

ඩෙංගු මරණ 61 ක් දක්වා ඉහළට – රෝගීන් ගණත් 81,000ට ළංවෙයි

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 80,905 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය. ගතවූ දින 24 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 25,530 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් … ඩෙංගු මරණ 61 ක් දක්වා ඉහළට – රෝගීන් ගණත් 81,000ට ළංවෙයි

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු‍වලට විසඳුම් දෙන්න ඇමති ලාල්කාන්ත සැරසෙයි

රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණද, වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගනු ලබන්නේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට තුනත් හතරත් අතර ප්‍රමාණයක් පමණක් බවත්, එම නිසා වී සඳහා නිසි තුලනාත්මක මිලක් ලබා ගැනීමේ ගැටලු‍වක් තවදුරටත් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩි ලාල්කාන්ත මහතා පවසනවා. විශේෂයෙන්ම ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු‍ව වන්නේ තෙත වී … වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු‍වලට විසඳුම් දෙන්න ඇමති ලාල්කාන්ත සැරසෙයි

වත්තල වෙඩි තබා පලා ගිය සැකකරුවන් දෙදෙනාට ඉන්දියාව කරන්න යන දේ

නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ධනුෂ්කොඩි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සංචාරක මෙහෙයුමකදී වෙරළ ආරක්ෂක පොලිසියේ නිලධාරීන් කළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්ගේ හැසිරීම පිළිබඳ සැක සිතී පරීක්ෂාව සිදු කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ප්‍රශ්න කිරීම්වලදී … වත්තල වෙඩි තබා පලා ගිය සැකකරුවන් දෙදෙනාට ඉන්දියාව කරන්න යන දේ

වීරවිල රිය අනතුරකින් තුවාල ලැබූ 19ක් රෝහලේ – කාන්තාවන් අටකුත් අතර

මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි. ඔවුන් දෙබරවැව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. මාතර සිට තිස්සමහාරාමයට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් … වීරවිල රිය අනතුරකින් තුවාල ලැබූ 19ක් රෝහලේ – කාන්තාවන් අටකුත් අතර

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉඩම් ලබා දීමට ජනපතිගෙන් උපදෙස්

සේවා කාලය අවසන් කර නැවත දිවයිනට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා, ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි අයවැය යෝජනා … විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉඩම් ලබා දීමට ජනපතිගෙන් උපදෙස්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – මිනාගි රූපසිංහට මීටර් 200 පසුපස ආර කාන්තා පිහිනුම් මූලික වටයේ සිව් වන තැන

මේ දිනවල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැමෝගෙම අවධානය 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිලිබදවයි. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී සාර්ථකව ආරම්භ වී තිබෙනවා. ජූලි 23 වනදා සිට අගෝස්තු 02 වනදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 74ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිනවා. මෙවර තරගාවලිය ක්‍රීඩා ඉසව් 10ක් යටතේ … පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – මිනාගි රූපසිංහට මීටර් 200 පසුපස ආර කාන්තා පිහිනුම් මූලික වටයේ සිව් වන තැන