රත්රන් තොගයක් සහ කෝටි එක හමාරක මුදල් සමග මඩවල හෝටලයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්
මඩවල නගරයේ හෝටලයක සැක සහිත ලෙස නවාතැන් ගෙන සිටියදී රත්රන් සහ රුපියල් එක්කෝටි හැට නව ලක්‍ෂයක මුදල් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ලබන 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, එම සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට පොලීසිය විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. … රත්රන් තොගයක් සහ කෝටි එක හමාරක මුදල් සමග මඩවල හෝටලයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්







