Nishan Neth News

ඩෙංගු මරණ 50 ක් වෙයි – මදුරුවන්ගේ වැඩිම තර්ජනය කාන්තාවන්ට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය 50 දෙනා අතර කාන්තාවන් 35 ක් සහ පිරිමි 15 ක් වනවා. එමෙන්ම අවුරුදු 15 ට අඩු ළමයින් 5 දෙනෙකුද සිටින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. මේ අතර මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද මේ වනවිට 73,455ක් දක්වා … ඩෙංගු මරණ 50 ක් වෙයි – මදුරුවන්ගේ වැඩිම තර්ජනය කාන්තාවන්ට

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ මරණයට හේතුව ගැන අනාවරණයක් – විමර්ශන පොලිස් කණ්ඩායම් දෙකකින්

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. හිටපු පොලිස්පතිවරයා අද උදැසන මියගොස් තිබුණේ ඔහුගේ මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි. උදෑසන 7.15ට … හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ මරණයට හේතුව ගැන අනාවරණයක් – විමර්ශන පොලිස් කණ්ඩායම් දෙකකින්

SDIG වරුණ ජයසුන්දරට ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා  ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව ඔහු පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මියගොස් ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂකයාගේ ගිනි අවියෙන් කළ වෙඩි තැබීමකින් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබෙනවා. වෙඩි තබා ගැනීම ඔහු විසින්ම මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී සිදුකරගෙන ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මෙලෙස හදිසියේ මියගියේ අද පෙරවරුවේයි. උදැසන 7.15 ට පමණ … හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

බලුකිස්තාන බෙදුම්වාදීන්ගෙන් චීන-පාකිස්තාන ඒකාබද්ධ පතල් ව්‍යාපෘතියට තර්ජන

බලුකිස්තාන කලාපයේ දිනෙන් දින ඉහළ යන සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර හේතුවෙන්, පාකිස්තානයේ විශාලතම තඹ සහ රන් පතල වන ‘සයින්දක්’ පතල ලබන මාසය වන විට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමකට ලක්ව ඇති බව ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත අනාවරණය කරයි. ත්‍රස්ත තර්ජන හේතුවෙන් පතල වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන ප්‍රධාන ප්‍රවාහන මාර්ග අවහිර වී ඇති අතර, මේ හේතුවෙන් … බලුකිස්තාන බෙදුම්වාදීන්ගෙන් චීන-පාකිස්තාන ඒකාබද්ධ පතල් ව්‍යාපෘතියට තර්ජන

අත්බෝම්බ දෙකක් සහ පතුරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යක්කල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී අත්බෝම්බ 02ක් සහ පතරොම් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බ දෙකකට අමතරව පිස්තෝල පතරොම් 32 ක්, එම් 16 අවියේ පතරොම් ගැබක්, එම පතරොම් 11 ක් සහ රිවෝලවර් පතරොම් 06 ක් සොයාගත් … අත්බෝම්බ දෙකක් සහ පතුරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා හදිසියේ මිය යයි – මරණය පිටුපස අභිරහසක්

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා හදිසියේ මියගොස් තිබෙනවා. මරණය ගිනි අවියකින් වෙඩි තබාගෙන ඔහු විසින්ම සිදුකරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මරණය සිදුව තිබෙනවා.    

රට විරුවන්ට විශ්‍රාම වැටුපක් – 2027 අයවැයට ඇතුළත් කරන්නැයි ජනපතිගෙන් නියෝග

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක් වෙමින් … රට විරුවන්ට විශ්‍රාම වැටුපක් – 2027 අයවැයට ඇතුළත් කරන්නැයි ජනපතිගෙන් නියෝග

මිලියන 4ක සිසු දරුවන්ට ලබන වසරේත් චීනයෙන් නොමිලේ නිල ඇඳුම්

ලබන වසර සඳහා ද පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට චීනය ඉදිරිපත්ව සිටිනවා. සිසුන් මිලියන 4කට වැඩි පිරිසකට රෙදි මීටර් මිලියන 10කට අධික ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාග කිරීමට නියමිතයි. රජයේ පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල සිසුන් හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත ලබන වසර සඳහා ද නිල ඇදුම් රෙදි ලබාදීම සිදුකෙරෙනවා. මෙවර ද පාසල් … මිලියන 4ක සිසු දරුවන්ට ලබන වසරේත් චීනයෙන් නොමිලේ නිල ඇඳුම්