Nishan Neth News

කේප් වර්ඩේ බල ඇණිය පාපන්දු ලෝකය තවත් පුදුම කරයි

ජනගහනය ලක්ෂ හයකටත් අඩු රාජ්‍යයක් වන කේප් වර්ඩේ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් පෙරළිකාර දක්ෂතා දක්වමින් සිටිනවා. ප්‍රබල උරුගුවේ කණ්ඩායම සමඟ මියාමිහිදී අද පැවති තරඟය ගෝල 2ට 2ක් ලෙස ලකුණු සමව අවසන් කිරීමට ඔවුන් සමත් වුණා. මීට පෙර ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමග තරඟයද ඔවුන් අවසන් කළේ ලකුණු සම කරමින්. අද තරඟයේ 21 වැනි මිනිත්තුවේදී … කේප් වර්ඩේ බල ඇණිය පාපන්දු ලෝකය තවත් පුදුම කරයි

ස්විට්සර්ලන්තයේ සාකච්ඡා යද්දී ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීමක්

ඇමරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු වටයේ සාකච්ඡා “ඉතා සාර්ථක සහ දිරිගන්වනසුලු ” ප්‍රගතියක් අත්කර ගනිමින් අවසන් වූ බව මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යය සහ පකිස්ථානය පවසනවා. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඉදිරි දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මකට මෙහිදී දෙපාර්ශවය එකඟ වූ බවයි. … ස්විට්සර්ලන්තයේ සාකච්ඡා යද්දී ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීමක්

මෙහෙන් කෙහෙල් කඳ දැම්මම, එහෙන් නිමි ඇඳුම් එන තාක්ෂණය ගෙනාවේ මම – විමල්ගෙන් FB සටහනක්

මෙහෙන් කෙහෙල් කඳ දැම්මම, එහෙන් නිමි ඇඳුම් එන කර්මාන්ත ශාලාවක් ඇති කරන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැන් පුරසාරම් පැවසුවද එම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මීට වසර හතකට පමණ පෙර බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. දැනටමත් කෙහෙල් තන්තු මගින් නිෂ්පාදනය කරන නිමි ඇඳුම් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට … මෙහෙන් කෙහෙල් කඳ දැම්මම, එහෙන් නිමි ඇඳුම් එන තාක්ෂණය ගෙනාවේ මම – විමල්ගෙන් FB සටහනක්

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 944ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල වැටලීමකදියි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 215 ක්ද සොයාගෙන තිබෙනවා. 26 හැවිරිදි මෙම සැකකරු කොටහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක්ද සැකකරු සතුව තිබී සොයාගැනුනා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය … අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රක්වානේ අලි කුලප්පුවක් – ඇත්ගොව්වා සහ සහයකයා මරුට

රක්වාන උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැර සඳහා රැගෙන විත් සිටි අලියෙකු කුලප්පු වී කළ පහරදීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. පෙරහැර පෙරේදා රාත්‍රී පැවැත්වුණා. අනතුරුව අලියා රැගෙන යාමට අද උදෑසන ලොරිය පැමිණ තිබූ අවස්ථාවේ අලියාට වතුර පෙවීම සඳහා රැගෙන යාමට කටයුතු කිරීමේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මහරගම අපේක්‍ෂා රෝහලේ තැඹිලි දානය නතර කෙරේ

මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසික පිළිකා රෝගීන් සදහා ලබාදෙන තැඹිලි දානය අවලංගු කර තිබෙනවා. සතියේ දින හත පුරාම පෙරවරුවේ පරිත්‍යාගශීලින් පැමිණ රෝගීන් වෙත එලෙස තැඹිලි වතුර ලබාදීම සිදු කෙරුණා. කෙසේවෙතත් පරිත්‍යාගශීලීන් විසින් රෝගීන් ළගටම ගොස් එලෙස තැඹිලි වතුර ලබාදීම හරහා ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවයි මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එම් කේ සම්පත් ඉන්දික … මහරගම අපේක්‍ෂා රෝහලේ තැඹිලි දානය නතර කෙරේ

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුකළ ජාවාරමක් පොලීසිය හෙළි කර ගනී

ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු ගල්නෑව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්නෑව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදි ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 27යි ග්‍රෑම් 250 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔසු සලක් පවත්වාගෙන යමින් ඔහු පාසල් ළමුන් ඉලක්ක කර … පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදුකළ ජාවාරමක් පොලීසිය හෙළි කර ගනී

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝකයේම ඇස ගැටුණු එංගලන්ත ක්‍රීඩිකාව ගැන අනාවරණයක්

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් හෙට පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. මේ අතර  මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලෝකයේම අවධානය දිනා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකා ඩැනී වයිට් හොජ් සමත්වී සිටිනවා. ඇය ගැන කතාව පහතින්.

තෙල් මිල බැස්සත් නැතත් බස් ගාස්තු සියයට 20කින් වැඩි වන බව ගැමුණු කියයි

ඉදිරියේදී ඉන්ධන මිල අඩු වුවද ජූලි මස මුල සිට බස් ගාස්තු සියයට 20කින් වැඩි වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස 03 වන දින ක්‍රියාත්මක කිරීමට මේ … තෙල් මිල බැස්සත් නැතත් බස් ගාස්තු සියයට 20කින් වැඩි වන බව ගැමුණු කියයි