Nishan Neth News

චීනයේ ගල් අගුරු පතලක පිපිරීමක් – 82 ක් මරුට

උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදු වූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් අසූ දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ගෑස් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247දෙනෙකු පමණ එහි සේවයේ නිරතව සි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අදාළ සමාගමේ විධායක නිලධාරීන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා … චීනයේ ගල් අගුරු පතලක පිපිරීමක් – 82 ක් මරුට

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ඉන්දීය සංචාරය ඇරඹේ

  ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සිය සිව්දින ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් සෙනසුරාදා උදෑසන කොල්කටා නුවරට පැමිණියේය. මෙය ඔහු පසුගිය වසරේ එම ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරයයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, කොල්කටා සංචාරය නිමා කිරීමෙන් පසු රූබියෝ නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනු ඇත. … අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ඉන්දීය සංචාරය ඇරඹේ

සැමියා නිසා අමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂිකා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ටල්සි ගැබාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය ඇමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත්කෙරුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේයි. ටල්සි ගැබාර්ඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ, සිය සැමියා වන අබ්‍රහම් ගැබාර්ඩ් අස්ථි පිළිකා රෝගයකට ගොදුරු වී සිටින බැවින්, ඔහු සමඟ සිටීම තමන්ගේ ප්‍රමුඛ වගකීම ලෙස සිතා ඒ … සැමියා නිසා අමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂිකා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කුලියාපිටියේදී මෝටර් රථයක් ලොරියක ගැටෙයි – මෝටර් රථ රියදුරු මරුට – බිරිද සහ දරුවන් දෙදෙනාට තුවාල

කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ කුලියාපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියැදුරාට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී එම් අනතුර සිදුව ඇති බවයි. එහිදී බරපතල තුවාල ලැබූ මෝටර් රථ රියැදුරා, එහි ගමන් ගත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු … කුලියාපිටියේදී මෝටර් රථයක් ලොරියක ගැටෙයි – මෝටර් රථ රියදුරු මරුට – බිරිද සහ දරුවන් දෙදෙනාට තුවාල

රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ කැබ් රථ රියදුරෙකු අත්අඩංගුවට

මොරකොටන්චේන – කළුවන්කේණි මාර්ගයේදී සිදුවූ සැලසුම් සහගත ඝාතනයක තොරතුරු අනාවරණ කර ගැනීමට සන්දිවේලි පොලිස් ස්ථානය සමත් වී තිබෙනවා. එම මාර්ගයේදී පාපැදිකරුවෙකු ගමන් ගත් පුද්ගලයෙකු කැබ් රථයක ගැටී ඇති බවට තොරතුරු ලැබුණු බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ  වයස අවුරුදු 65 ක්  වූ කළුවන්කේනි ප්‍රදේශයේ  … රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ කැබ් රථ රියදුරෙකු අත්අඩංගුවට

දේශපාලන බලයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිසට වැඩ වරදී

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ දේශපාලන බලය පාවිච්චි කරලා ඉඩම් අල්ලා ගැනීමට මින් ඉදිරියට කිසිසේත්ම ඉඩ නොතබන බවයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. දේශපාලන … දේශපාලන බලයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිසට වැඩ වරදී

ඉහළ යන ඩොලරය පාලනය කළයුතු විදිය ආර්ථික විද්වතෙක් පෙන්වා දෙයි

ඉහල යන ඩොලරයේ අගය පාලනය කිරීමට මහ බැංකුවට මැදිහත් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය විශේෂාංගය සමග එක්වෙමින්. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය තව කොතරම් ඉහල හෝ පහල යා හැකි දැයි මේ මොහොතේ නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ. … ඉහළ යන ඩොලරය පාලනය කළයුතු විදිය ආර්ථික විද්වතෙක් පෙන්වා දෙයි

කුමන බාධා පැමිණියද සිය ඉලක්ක වෙත අනිවාර්යෙන් ගමන් කරන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් නෙත් නිවුස් රතු කට්ටේදී කියයි

කුමන බාධා පැමිණියද ආණ්ඩුව සිය ඉලක්ක වෙත අනිවාර්යයෙන්ම ගමන් කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සහභාගි වූ නෙත් නිවුස් රතු කට්ට් සම්පූර්ණ දේශපාලන සංවාදය පහතින් … කුමන බාධා පැමිණියද සිය ඉලක්ක වෙත අනිවාර්යෙන් ගමන් කරන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් නෙත් නිවුස් රතු කට්ටේදී කියයි

මෙරටට පිටුවහල් කළ විවිධ අපරාධවලට චෝදනා ලැබූ 21 දෙනා කටුනායක සිට අරන් ගිය තැන

ඩුබායි සිට මෙරටට පිටුවහල් කල විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි මෙම ශ්‍රී ලාංකිකයන් 21 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා, මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර … මෙරටට පිටුවහල් කළ විවිධ අපරාධවලට චෝදනා ලැබූ 21 දෙනා කටුනායක සිට අරන් ගිය තැන