Nishan Neth News

කාවන්තිස්සගේ මරණ පරීක්ෂණ වාර්තාව කෝ ? පරිසරවේදීන් වනජීවී බළධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

කාවන්තිස්ස හස්තියා මිය ගිය පසුවද දිගින් දිගටම වන අලි ඝාතනය කරමින් ඇතැයි පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනවා. මෙය ජාවාරමක් විය හැකි බවටයි ඇය සැක පල කරන්නේ. පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්. ප්‍රශ්නය : අදත් කතාව කාවන්තිස්ස ගැන. මේ ගැන අපි දිගටම කතා … කාවන්තිස්සගේ මරණ පරීක්ෂණ වාර්තාව කෝ ? පරිසරවේදීන් වනජීවී බළධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගන්නා ආණ්ඩුවේ රහස් සැලැස්මක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනස් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ කතානායකවරයාට එරෙහි චෝදනා බරපතල බවයි. ”මේ විවාදය 3 වෙනිදාට ගන්නේ නැතුව දින තුනක් ඉල්ලුවා. මුලින් කිව්වා එකක් දෙන්නම්, පුංචි කරලා, හොරතල් කරලා යවන්න කියලා. අපි ආණ්ඩුවට ඕන විදියට විශ්වාසභංග අරන් එන්නේ නැහැ. … කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගන්නා ආණ්ඩුවේ රහස් සැලැස්මක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ජනවාරියේ ජල ගාස්තු සංශෝධනයක් ගැන ඉගියක්

ලබන ජනවාරි මාසයේ ජල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බවට ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ඉගි පල කරනවා. කෙසේ වෙතත් එසේ ජල ගාස්තු සංශෝධනය වුවද විශාල අගයකින් එම සංශෝධනය සිදු නොවනු ඇති බවයි. “ජල බිල සංශෝධනය කරන එක, ජල බිල සමාලෝචනය කරන එක අවුරුද්දකට දෙවතාවක් තමයි සිද්ධ වෙන්නේ. ජල බිල ගණන් හැදීම සඳහා වෙච්ච … ජනවාරියේ ජල ගාස්තු සංශෝධනයක් ගැන ඉගියක්

Hongkong Sixers තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Hongkong Sixers ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරඟයකදී උණුසුම් සටනකින් පසු බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර හයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 127ක් ලබාගත්තා. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 5යි පන්දු 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 129ක් ලබාගනිමින්. විශිෂ්ට ප්‍රතිහරඹයක යෙදුණු විශේන් හැලඹගේ පන්දු 17දී … Hongkong Sixers තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද – ශ්‍රී ලංකා පකිස්ථාන කණ්ඩායම් තරග බිමේ

පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතරයි. මෙම තරගාවලියට පකිස්ථානය හා ශ්‍රී ලංකාවට අමතරව එංගලන්තය ද සහභාගී වුණා. එහෙත් එංගලන්තයට අවසන් මහා තරගයට පිවිසීමට නොහැකි වුණා. මෙවර තරගාවලියේ පකිස්ථානය හා ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී මුණ ගැසුණා. එහිදී එක් අවස්ථාව බැගින් දෙපිලම ජය ගත්තා. එබැවින් … තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද – ශ්‍රී ලංකා පකිස්ථාන කණ්ඩායම් තරග බිමේ

දියණිය දූෂණය කළ පියාට වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

වයස අවුරුදු 16ට අඩු සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටි පියෙකුට වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බව ගම්පහ මහාධිකරණය අද නියම කළා.​ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු එල්ල වී තිබූ චෝදනා 03ටම … දියණිය දූෂණය කළ පියාට වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

නෙත් නිව්ස් දිගින් දිගටම කළ පෙන්වාදීම් වලින් පසු අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන තීරණ ගැනීමට ජනාධිපති උපදේශන සභාවක්

  අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක් පත්කර තිබෙනවා. යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් සැක මතු කරමින් සිටියදී මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ. අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ඉකුත් පෙබරවාරි මාසයේදී රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කර තිබෙනවා. එහෙත් මාස අටක් පමණ ගතවනතුරුත් … නෙත් නිව්ස් දිගින් දිගටම කළ පෙන්වාදීම් වලින් පසු අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන තීරණ ගැනීමට ජනාධිපති උපදේශන සභාවක්

රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නියෝග

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැතාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කළ ප්‍රතිශෝධන … රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නියෝග

අස්වැසුම ප්‍රතිලාභ සදහා සුදුසුකම් නොලැබූ අයට දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව නොවැම්බර් 11 වනදා දක්වා ඒ සදහා කාලය ලබාදී ඇති බවයි එම මණ්ඩලය පැවසුවේ. අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් දහතුන් ලක්‍ෂ 91,830 ක් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබා නැහැ. ඒ අනුව එලෙස සුදුසුකම් නොලැබූ … අස්වැසුම ප්‍රතිලාභ සදහා සුදුසුකම් නොලැබූ අයට දැනුම් දීමක්