Monday, April 29, 2024

General line - 0115112241

ජය ශ්‍රී දියමන්ති බිස්නස් එකකට අතගහලද ?




ජය ශ්‍රී අයියා මලෝ අලුත් වැඩකට අතගහලා කියලා ආරංචි වුණා. ‍

මේ වැඩේ ඩයමන්ඩ් වලටත් සම්බන්ධ බව සමාජ මාධ්‍යට අදහස් දක්වන ජය ශ්‍රී ලා කියනවා.

ජය ශ්‍රී ලා කියන මේ අලුත් ව්‍යාපෘතිය සිංදුවක් ද දැවැන්ත ප්‍රසංග මාලාවක් ද නැතිනම් දියමන්ති ව්‍යාපාරයක් ද කියන එක ගැන පැහැදිලි හෙළිදරව්වක් තවමත් කරලා නැහැ.

කොහොමවුණත්, ජය ශ්‍රී දියත් කරලා තියෙන මේ අලුත්ම කටයුත්තට රුවිතයක සම්බන්ධයක් තියෙන බවත් මේ අයියා මලෝගේ කතාබහේදී හෙළිදරව් වුණා.

ආපහු රට යන්න කලින් ජය ශ්‍රී ලා කරලා තියෙන මේ ව්‍යාපෘතිය එළිදක්වන බව ජය ශ්‍රී රෝහිත කියනවා.

ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන රෝහිත කියන්නේ, ‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ.

ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලයි.

මේ ඩයමන්ඩ් වැඩේට ලංකාවේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් සම්බන්ධ කෙරුණු බවත් ලංකාව පුරා ඉන්න සහෝදර ජනතාව ඊට උදව් කරපු බවත් ජය ශ්‍රී ලා ආදරෙන් සිහිපත් කරනවා.

රොහාන් නම් කියන්නේ ‘බඩු සැරයි - සැප ගොඩ’යි කියලා. ඇත්තටම, රොහාන් කියන මේ බඩු ඩයමන්ඩ් ද නැත්නම් වෙන මොනවද කියලා සමාජ මාධ්‍ය තුළත් මේ දවස්වල කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ජය ශ්‍රී රෝහිත කියන්නේ ආපහු ලංකාවෙන් යන්න කලින් එයාලා කරපු මේ රුවිතේ ගැන ඇත්ත නැත්ත මොකක්ද කියලා දැකබලාගන්න පුළුවන් වෙයි කියලා.

ජය ශ්‍රී අයියා මලෝ කරන මේ අලුත් ඩයමන්ඩ් ප්‍රොජෙක්ට් එක නුදුරේදීම අනාවරණය කරන්න අපි සූදානම්.