Monday, April 29, 2024

General line - 0115112241

ජය ශ්‍රී ලගේ රුවිතේ ගැන ඇත්ත හෙළිවෙයි 




ජය ශ්‍රී ලගේ දියමන්ති බිස්නස් එකක් ගැන හාහෝවක් පහුගිය සතියේ සමාජ මාධ්‍ය වල පැතිරෙන්න ගත්තා. 

මේ ගැන විවිධාකාර කතා පැතිරෙන්නත් ගත්තා.

මේක රුවිතයක් කියලා සමහරු කිව්වා.

මේක දියමන්ති බිස්නස් එකක් ද නැත්නම් අලුත් රෙස්ටොරන්ට් එකක් ද ට්‍රැවල් ඒජන්සියක් ද වගේ කතා ඒ අතර තිබුණා. 

මේ ගැන ජය ශ්‍රී ලත් එයාලගේ ෆේස්බුක් පේජ් එකේ මත විමසුමක් කරලා තිබුණා.  

කොහොම වුණත්, රුවිතේ ගැන නැගුණු එක එක කතා මැද්දේ මේ වෙද්දී ජය ශ්‍රී ලා තමන් කරන්න යන අලුත්ම වැඩේ 
මොකක්ද කියන එක හෙළිදරව් කරලා තියෙනවා.

‘රුවිතේ’ කියන්නේ ජය ශ්‍රී ලගේ අලුත්ම ගීතය. 

මේ ගැන පැහැදිලි කරන ජය ශ්‍රී කියන්නේ, 

‘සෑහෙන හාහෝවක් යනවා. 
ජය ශ්‍රී කියනවා. 

රුවිතේ කියනවා. 

මතුවෙන්න කියනවා. 

බඩු හොඳයි කියනවා. 

සැරයි කියනවා. 

ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ. ‘

රුවිතේ ගීතය මේ 28 වැනිදා ලංකාවේ වෙලාවෙන් හරියටම හවස 5 වෙද්දී රිලීස් වෙන්න නියමිතයි. මේ ගැන කියන ජය ශ්‍රී ලා කියන්නේ, 

‘ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්. 

ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. 

අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා.

අමතක නොකර ජය ශ්‍රී ලගේ ‘රුවිතේ’ බලන්න 28 වෙනිදා සෙට් වෙන්න.