Sunday, April 28, 2024

General line - 0115112241

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්




එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 5ක් වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

එම පරිත්‍යාගය නිල වශයෙන්  ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදුකෙරුණේ කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාලයේදීයි. 

2023 දෙසැම්බර් මස  30 වනදා සූරියකාන්ත තෙල් මෙටි්‍රක් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04  වනදා තෙල් මෙටි්‍රක් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මීට පෙර ද මෙරටට ලබාදී තිබුණා. 

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර  දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කිරීමට නියමිතයි.

ඒ යටතේ මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8,625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.