Nishan Neth News

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඩිජිටල් පරිවර්තන පළමු අඩිය තියයි

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමුවරට රැස් වී තිබෙනවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන එම පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමු … විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඩිජිටල් පරිවර්තන පළමු අඩිය තියයි

රටක් බලා සිටින පොහොට්ටුවේ අනුරපුර රැළිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැළිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි. ඊට ඇති සූදානම කෙසේද? ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමග සිදුකල සංවාදයක් පහතින් ලහිරු කපුගේ : කොහොමද දැන් වර්තමානයේ තත්ත්වය? තිස්ස කුට්ටිආරච්චි මහතා : අපේ සෑම සමාජ ස්තරයක්ම නියෝජනය කරන … රටක් බලා සිටින පොහොට්ටුවේ අනුරපුර රැළිය අද

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ආයෙත් මැජික් පෙන්වයි – පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරගයට

පාකිස්තානය සමඟ පැවති අවසන් පූර්ව තරගය කඩුලු හතරකින් ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව කැටුව යාමේ වැඩි ගෞරව හිමි විය යුත්තේ සටන්කාමී පිතිකරණයක යෙදුණු ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිනියන්ටයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන … ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ආයෙත් මැජික් පෙන්වයි – පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරගයට

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක

පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන  අතර මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී  කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 130ක් ලබාගත්තා. වඩාත්ම සාර්ථක පිතිකාරිනිය වූයේ නායිකා ෆාතිමා සනායි. ඇය පන්දු 36කදී නොදැවී … පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක

හුති සටන්කාමීන් රතු මුහුදු වෙරළ තීරයේ පාලනය අල්ලයි

යේමනයේ ඉරාන හිතවාදී හුති සටන්කාමීන් රතු මුහුදු තීරයේ පිහිටි උපායමාර්ගික ප්‍රදේශ රැසක පාලනය තමන් සතු කරගෙන ඇති බව ප්‍රකාශ කර සිටිනවා. යේමන් රජයේ හමුදාවන්ට එරෙහිව දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුමකින් අනතුරුව, ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරය ඇතුළු බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි දූපත් කිහිපයක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව … හුති සටන්කාමීන් රතු මුහුදු වෙරළ තීරයේ පාලනය අල්ලයි

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි – පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට

පන්දුවාර විස්සයි විස්ස  ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. මෙම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි. කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු  සමත් වුණා. ඇය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානට ලබාදීමටයි. ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි විස්ස  වත්මන් ආසියානු  ශූරියන්ද වනවා. … ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි – පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට

හිටපු ජනපති ගෝඨාභය FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත එලෙස පැමිණ ඇත්තේ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි වාර්තා වුණේ.

මහියංගණයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මහියංගනය, අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ අබේපුර, මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදුකළ සැකකරුවන් සොයා මහියංගණය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහවේදී ලොරි රථයක් සහ ගිලන් රථයක් ගැටෙයි – ගිලන් රථ රියදුරා ජීවිතක්‍ෂයට

මහව, පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගිලන් රථ රියදුරෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන්රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියැදුරා, ගිලන් රථ සහයක සහ නිලධාරිණියක් අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් … මහවේදී ලොරි රථයක් සහ ගිලන් රථයක් ගැටෙයි – ගිලන් රථ රියදුරා ජීවිතක්‍ෂයට