Tuesday, April 30, 2024

General line - 0115112241

කාම්බෝජය ගැන අමෙරිකාව දුකෙන්




කාම්බෝජයේ නාවික හමුදා කඳවුරක් සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් මේ දිනවල ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කාම්බෝජයේ රීම් නමැති හමුදා කඳවුරේ සංවර්ධන කටයුතු සඳහා චීනය මැදිහත් වී සිටින බවයි.

එහි ප්‍රතිපලයක් ලෙස ඉකුත් දා චීන හමුදාවේ නෞකා දෙකක් එම හමුදා නාවික කඳවුර ආසන්නයට ලගා වී ඇති බව ද එම වාර්තා අනාවරණ කළා.

දකුණු චීන මුහුදට ආසන්නව කාම්බෝජයේ දකුණු කෙළවර ආසන්නයේ පිහිටි රීම් නාවික කඳවුර උපායමාර්ගික ලෙස වැදගත් බව අමෙරිකාව ඇතුළු රටවල් සලකනු ලබනවා.

එවන් පසුබිමක් තුළ චීනය එම නාවික හමුදා කඳවුරට සිදු කරන මැදිහත්වීම් ඉහළ බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.

ඒ අනුව අමෙරිකාව ද පවසා ඇත්තේ චීනය විසින් කාම්බෝජයේ නාවික හමුදා කඳවුරේ ඔවුන්ට අවශ්‍ය පරිදි පහසුකම් ගොඩනගමින් සිටින බවයි.

විදෙස් මාධ්‍ය පවසන පරිදි කාම්බෝජය චීනයේ මූල්‍ය ආධාර ඇතිව කාම්බෝජයේ රීම් නාවික හමුදා කඳවුරේ වැඩිදියුණු කිරීම් සිදු කරමින් සිටී