Tuesday, April 30, 2024

General line - 0115112241

ඉන්දියාව තායිවානයේ සිටින සිය ජනතාවගේ තොරතුරු ඉල්ලයි




ඊයේ බලපෑ ප්‍රභල භූ කම්පනයෙන්  අනතුරුව තායිවානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දියාව පවසනවා.

එමෙන්ම තායිවානයේ සිටින ඉන්දීය ජාතිකයින්ගේ තොරතුරු සොයා බලමින් සිටින බවත්, ඔවුන්ව සම්බන්ධීකරණය කරම්න් පවසා සිටින බවත් ඉන්දියාව පැවසුවා.

තායිවානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය මේ මොහොතේ ඉතා ක්‍රියාශීලී බවයි එරට සිටින ඉන්දියානුවන් පවසන්නේ.

ආරක්ෂාකාරීව රැඳී සිටින ලෙසත්, ආපදා අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද ඔවුන්ට උපදෙස් ලබා දී ඇතැයි ද සඳහන්.

ඒ අනුව භූ කම්පනය වාර්තා වූ අවස්ථාවේ සිය ඉන්දීය තානාපති කාර්යාලය ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉමහත් කාර්‍යයක් ඉටුකර ඇතැයි එහි සිටින ඉන්දීය ජාතිකයින් පෙන්වා දෙනවා.