Tuesday, April 30, 2024

General line - 0115112241

පකිස්තානයේ අපරාධ ඉහළට

චිරාන් ධර්මසේන




පකිස්ථානය පුරා නගරවල අපරාධ සිදුවීම් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අතරින් කරච්චිය නගරය පකිස්තානයේ වඩාත්ම අනාරක්ෂිත නගරය බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නවතම වාර්තා අනුව වසරේ ගතවූ කාලය තුළදී කරච්චි නගරයෙන් අපරාධවලට අදාළව විවිධ සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ජනවාරි සහ පෙබරවාරි මාසවල කරච්චි හි අපරාධ දත්ත රැස් කරන සංවිධානයක් වන පුරවැසි පොලිස් සම්බන්ධතා කමිටුව විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව අපරාධ සම්බන්ධ සිදුවීම් හේතුවෙන් නගරයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 106 ක් බවයි පැවසෙන්නේ.

කප්පම් ගැනීම සඳහා පැහැරගෙන යාමේ සිද්ධීන් 11 ක් මෙම වසරේ ගතවූ කාලය තුළදී පකිස්තානයෙන් වාර්තා වී තිබෙනවා.

එම කාලය තුලදී යතුරුපැදි 10,488 ක් සහ මෝටර් රථ 441 ක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජංගම දුරකථන පැහැරගැනීමේ සිද්ධීන් 4,000 ක් පමණ ද වසරේ ගතවූ කාලය තුළදී පකිස්තානයෙන් වාර්තා වී තිබෙනවා.