Monday, April 29, 2024

General line - 0115112241

විස‍ඳුම සාකච්ඡාවක්ම පමණයි - ඉන්දීය අගමැති කියයි

චිරාන් ධර්මසේන




චීනය සමඟ ඇති සබඳතාව වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියාවල ඇති අසාමාන්‍යතා පිටු දැකීමට හැකි වන පරිදි  දේශසීමාවේ දීර්ඝ කාලීන අර්බුධ කඩිනමින් විසඳීමට අවශ්‍ය බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ඒ ඔස්සේ සාමය උදාවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ධනාත්මක සහ ඵලදායී ද්විපාර්ශ්වික මැදිහත්වීම් හරහා දේශසීමා අර්බුධ යථාතත්ත්වයට පත් කළ යුතු බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

ඉන්දියාව සහ චීනය අතර ස්ථාවර සහ සාමකාමී සබඳතා දෙරටට පමණක් නොව සමස්ත කලාපයට සහ ලෝකයටම වැදගත් බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම අදහස් පළ කර ඇත්තේ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පදනම් කර ගනිමින් චීනය සමග යළි උද්ගත වී ඇති අර්බුධය හමුවේයි.

ඉන්දියාව විසින් හිමිකම් කියන අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාන 30 කට චීනය විසින් නම් ප්‍රකාශ කිරීමත් සමග එම උණුසුම්කාරී තත්ත්වය උද්ගත වුණා.