Tuesday, April 30, 2024

General line - 0115112241

අයර්ලන්තයේ නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම්

චිරාන් ධර්මසේන




අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ සිමොන් හැරිස්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබෙනවා.

සිමෝන් හැරිස් අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ එරට මෙතෙක් පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ද වාර්තා අතරට එක්වෙමින්.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ අයර්ලන්තයේ මෙතෙක් ලාබාලතම අගමැති වීම සම්බන්ධයෙන් සිමෝන් හැරිස් වෙත සුබ පැතුම් එක් කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ හවුල් විශ්වාසය මත පදනම් වූ දෙරටේ ඓතිහාසික බැඳීම් ඉතා අගය කොට සලකන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව සහ අයර්ලන්ත අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයෙන් යුතුව එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එහි වැඩිදුරටත් සඳහන්.